අපගේ සේවාවන්
නිවසක් ඉදිකරගැනිමට නොහැකි තත්වයේ සිටින 50 % ක දායකත්වය දැරිය හැකි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පදිංචි වීමට සුදුසු මට්ටමේ නිවසක් ඉදිකර ගැනීමට රු.400,000/- ක මුල්‍යාධාර ලබා දීමේ වැඩසටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්නායක
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභි ප්‍රතිලාභීයෙකු වීම .
- 100% ස්වයං මූල්‍ය දායකත්වයෙන් නිවසක්ඉදිකරගැනීමට නොහැකි අඩුආදායම්ලාභීපවුලක් වීම.
- නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය වර්ෂ 5 ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් /රජයේ වෙනත් ආධාරයක් ලබාගත්අයෙකු නොවීම.
- පහත නිර්නායක වලින් එකක් හෝ කිහිපයක් සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
- ගෘහමූලිකයා කාන්තාවක් වීම.
- පාසල් යන වයසේ පසුවන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම.
- ගැහැණු දරුවන් සිටින පවුලක් වීම හෝ අබාධිත පුද්ගලයින් සිටින පවුලක් වීම හෝ වෙනත් එවැනි හේතු මත අසරණතාවයට පත් පවුලක් වීම.
- 50% පෞද්ගලික දායකත්වය දැරීමට ප්‍රතිලාභියාට හැකි වීම.
- ඉඩමේඅයිතියඅයදුම්කරුසතුබවටපිළිගතහැකිතහවුරුවක්ඉදිරිපත්කිරීමේහැකියාවඅයදුම්කරු සතුවීම.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම.
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ අදාළ කොට්ඨාසභාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි නිවසේ කොටස ඉදිකිරීම සඳහා රු. 400,000/-ක මුදලට අදාළව දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුව
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
- නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්නායක
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභි ප්‍රතිලාභීයෙකු වීම .
- ස්ථිර වැසිකිළියක් නොමැති හෝ ඉතා අබලන් භාවිතයට ගත නොහැකි වැසිකිළියක් හිමි අඩු ආදායම්ලාභි පවුලක් වීම.
- වැසිකිළියක් ඉදිකිරීම සඳහා පසුගිය අවුරුදු 5ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබාගත් අයෙකු නොවීම.
- ගෘහමූලිකයා කාන්තාවක් වීම, පාසල් යන වයසේ පසුවන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම, ගැහැණු දරුවන් සිටින පවුලක් වීම, ආබාධිත වීම හෝ වෙනත් එවැනි හේතුමත අසරණතාවයට පත් පවුලක් සඳහා ප්‍රමුඛතාව හිමිවීම.
- වැසිකිළියඉදිකිරීම සඳහා ලබාදෙනු ලබන වැසිකිළි ආධාර උපයෝගිකර ගෙන සිය පෞද්ගලික දායකත්වයෙන් වැසිකිළිය ඉදිකිරීම සිදුකරනිම කිරීමට හැකියාවක් පැවතීම.
- ඉඩමේ අයිතිය අයදුම්කරු සතු බවට පිළිගත හැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතුවීම.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම.
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- පෙදරේරුවකු විසින් සකස් කරන ලද දල ද්‍රව්‍ය ඇස්තමේන්තුව
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
- නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්නායක
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභි ප්‍රතිලාභීයෙකු වීම .
- ස්ථිර සෙවිල්ලක් නොමැති හෝ ඉතා අබලන් තත්ත්වයේ සෙවිලි සහිත වහලක් පවතිනනිවසක් සහිත අඩු ආදායම්ලාභී පවුලක් වීම.
- නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය අවුරුදු 5 ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබා ගත් අයෙකු නොවීම.
- ගෘහ මූලිකයා කාන්තාවක් වීම, පාසල් යන වයසේ පසු වන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම, ගැහැණු දරුවන් සිටින පවුලක් වීම, ආබාධිත වීම හෝ වෙනත් එවැනි හේතු මත අසරණතාවයට පත් පවුලක් වීම.
- නිවසේවහලය සෙවිලි කිරීම සඳහා හඳුනාගත් කොටස, ලබා දෙනු ලබන සෙවිලි ආධාර උපයෝගි කර ගෙන සිය පෞද්ගලික දායකත්වයෙන් සෙවිලිකර නිම කිරීමට හැකියාවක් පැවතීම.
- ඉඩමේ අයිතිය අයදුම්කරු සතු බවට පිළිගත හැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතු වීම.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම.
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි නිවසේ සෙවිලි කිරීමට වෙන් කර ගත් කොටසේ වහලය සකස් කිරීම සඳහා වඩු කාර්මිකයෙකු විසින් සකස් කර අත්සන් කරන ලද දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුය. (අමුණා ඇති ආකෘතිය පුරවා එවන්න)
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්නායක
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභි ප්‍රතිලාභීයෙකු වීම .
- තාවකාලික හෝ අඩක් නිම කළ නිවසක් හිමි සහ නිවාස ඉදිකිරීමට හැකියාව පවතින අඩු ආදායම්ලාභී පවුලක් වීම.
- නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය අවුරුදු 5 ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබා ගත් අයෙකු නොවීම.
- ගෘහ මූලිකයා කාන්තාවක් වීම, පාසල් යන වයසේ පසු වන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම, ගැහැණු දරුවන් සිටින පවුලක් වීම, ආබාධිත වීම හෝ වෙනත් එවැනි හේතු මත අසරණතාවයට පත් පවුලක් සඳහා ප්‍රමුඛතාව හිමි වීම.
- බ්ලොක් ගල්/ගඩොල් හා සිමෙන්ති /ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහන ගාස්තු ආධාර ලාභියාට පෞද්ගලිකව දැරිය හැකි විම.
- නිවසේ හඳුනාගත් කොටස ඉදිකිරීම සඳහා ලබා දෙනු ලබන මූල්‍යාධාරයෙන් සිය පෞද්ගලික දායකත්වයෙන් නිවසේ ඉදිකිරීම්සිදුකර නිම කිරීමට හැකියාවක් පැවතීම.
- ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ හැකියාව අයදුම්කරු සතු වීම.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ අදාළ කොට්ඨාස භාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි නිවසන් ඉදි කිරීමට වෙන් කර ගත් කොටසේ ඉදි කිරීම සඳහා පෙදරේරුවෙකු විසින් සකස් කර අත්සන් කරන ලද දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුවක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
- නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්නායක
- ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශ සහිතව තෝරා ගනු ලබන අඩු ආදායම්ලාභි ප්‍රතිලාභීයෙකු වීම .
- ස්ථිර මුළුතැන් ගෙයක් සකස් කර ගැනිමට හැකියාවක් නොමැති අඩු ආදායම් පවුලක් හෝ දිළිදු පවුලක් විම.
- ගෘහ මුලිකයා කාන්තාවක් විම,අධ්‍යාපන ලබන වයසේ පසුවන දරුවන් සිටින පවුලක් විම,ගැහැණු දරුවන් සිටින පවුලක් වම., ආබාධිතයන් සිටින පවුලක් සදහා ප්‍රමුඛතාවය හිමි වේ.
- ආදායම් උත්පාදනය සදහා ස්වයං රැකියා අපේක්ෂිකයින්ට හා දැනට මුළුතැන්ගෙය ආශ්‍රීත ස්වයං රැකියා කරමින් ජිවනත් වන පවුල් සදහා ප්‍රමුඛතාවය හිමි වේ. (තේ කඩ,ආහාර පිස අලෙවිකරණය)
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ අදාළ කොට්ඨාස භාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි මුළුතැන්ගෙය සකස් කිරීම සඳහා පෙදරේරුවෙකු විසින් සකස් කර අත්සන් කරන ලද දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුවක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
- නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කර අඩුආදායම්ලාභීන්ට ණය අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
නිර්ණායකයන්
- ණය ඉල්ලුම්කරු අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ස්ථිර පදිංචි අයෙකු විය යුතුය.
- සමෘද්ධිලාභියෙකු හෝ අඩු අදායම්ලාභියෙකු විය යුතුය. (ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරී විසින් ඒ බව සහතික කළ යුතුවේ.)
- මාසික වාරිකය හා ණය පොළිය ගෙවීමට ඉල්ලුම්කරුට ආදායම් මාර්ගයක් තිබිය යුතු වීම.
- වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 60ට නොවැඩි අයෙකු වීම.
- ලබාදෙන ණය මුදල ඉල්ලුම්කරුගේ නිවාස අවශ්‍යතාවය අනුව රු.50,000/- සිට රු.200,000/- දක්වා අතර මුදලක් ලබාගත හැකිය.
- වාර්ෂික පොලී අනුපාතය 8% කි. හීනවන ශේෂ ක්‍රමය යටතේ අය කරනු ලබයි.
- ණය ගෙවීමේ කාලය වර්ෂ 3 ක් හෝ 4ක් වශයෙන් ණයලාභියාගේ කැමැත්ත අනුව ගිවිස ගත හැකිය.
- ණය මුදල ලබා ගෙන ඉදි කරන / අළුත්වැඩියා කරන නිවස පිහිටි ඉඩමේ අයිතිය තහවුරු කිරීමට ණය ඉල්ලුම්කරුට හැකියාවක් තිබිය යුතුය. (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් එය තහවුරු කරනු ලබයි)
- ණයලාභීන්ගේ ඇපකරුවන් තීරණය කිරීමේදී රජයේ සේවක පුද්ගල ඇප අත්‍යාවශ්‍යම නොවන අතර, බැංකුවට පිළිගත හැකි ආදායමක් සහිත,ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවීම් පැහැර හැර නොමැති පුද්ගලයන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කළ හැකිය. එසේ වුවත් ණය ලබාදීමේ අවසන් තීරණය ගැනීමේ බලය බැංකුව සතුය.
- අදාළ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ ණය ඉල්ලුම්කරු නමින් ඉතිරිකිරීමේ ගිණුමක් නොමැති නම් රු. 500.00 ක අවම මුදලක් තැන්පත් කර ගිණුමක් විවෘත කළ යුතුය.
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
ව්‍යාපෘතියට අදාල නිර්ණායකයන්
- තෝරාගනු ලබන ග්‍රාමනිලධාරී වසමේ ස්ථිර පදිංචි පවුල්ඒකකයක් වීම.
- ස්වයං මූල්‍ය දායකත්වයෙන් නිවසක්ඉදිකර ගැනීමට නොහැකි අඩු ආදායම්ලාභී පවුලක් වීම.
- නිවසක් ඉදිකිරිම සඳහා පසුගිය අවුරුදු 5 ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබාගත් අයෙකු නොවීම.
- අධ්‍යාපන / ක්‍රීඩා / කලා හෝවෙනත් එවැනි ක්ෂේත්‍ර වලින් සුවිශේෂී දක්ෂතා දක්වා මධ්‍යම පළාතට, රටට කීර්තියක් අත්කර දුන් පුද්ගලයන් / දරුවන් සිටින පවුල් සඳහා ප්‍රමුඛතාව හිමිවීම.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම.
- නිවාස දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිවාස ඉදිකිරීමේ සැලසුම හා ඇස්තමේන්තුව අනුව ස්වෙච්ඡා ප්‍රජාසහභාගීත්වය මත නිවස ඉදි කර නිමකිරීමට හැකිවීම හෝ අඩක් හෝ කොටසක් නිමකර ඇති නිවසක් තෝරාගන්නේනම් ප්‍රතිලාභියා සමඟ සාකච්ඡා කර එම නිවසේ හඳුනාගත් කොටසේ ඉදිකිරීම් නිමකරගැනීම.
- ඉඩමේ අයිතිය අයදුම්කරු සතුබවට පිළිගතහැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතුවීම.
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ අදාළ කොට්ඨාස භාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි නිවසේ කොටස ඉදිකිරීම සඳහා රු. 700,000/-ක මුදලට අදාළව දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුවක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
නිවාස සංවර්ධන අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභීන්ගේ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගනු ලබන අතර, එම තොරතුරු දෙපාර්තමේන්තු නිර්නායක හා සසඳා බලා සුදුසු අඩු ආදායම්ලාභීන් තෝරාගෙන ප්‍රමුඛතාගත කරනු ලැබේ. ඊට අදාළව දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරීන් විසින් ක්‍ෂේත්‍ර පරික්‍ෂාවන් සිදු කර ශක්‍යතා වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන අතර, එම ශක්‍යතා වාර්තා අනුමත වීමෙන් පසු අදාළ වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය ද සලකා සුදුසු අඩුආදායම්ලාභීන්ට අයදුම්පත්‍ර නිකුත්කරනු ලැබේ.
සෙවිලි ආධාර ලබා දීමේදී පහත සඳහන් නිර්ණායකයන් ප්‍රමුඛතාවයෙහිලා සැලකිල්ලට ගනු ලැබේ.
- තෝරා ගනු ලබන ග්‍රාම නිලධාරී වසමේ ස්ථිර පදිංචි පවුල් ඒකකයක් වීම. වතු නිවාස වල වෙසෙන පවුලක් වීම.
- ස්ථිර සෙවිල්ලක් නොමැති හෝ ඉතා අබලන් තත්ත්වයේ සෙවිලි සහිත වහලක් පවතින අඩු ආදායම්ලාභී ආපදාවන්ට ලක් වූ /තනි/පේලි නිවසක් සහිත පවුලක් වීම.
- නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය අවුරුදු 5 ක කාලය තුළ මෙම නිවාස දෙපාර්තමේන්තුවෙන් ආධාර ලබා ගත් අයෙකු නොවීම.
- ගෘහ මූලිකයා කාන්තාවක් වීම හෝ පාසල් යන වයසේ පසු වන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම හෝ ගැහැණු දරුවන් සිටින පවුලක් වීම හෝ ආබාධිත වීම හෝ වෙනත් එවැනි හේතු මත අසරණතාවයට පත් පවුලක් වීම ප්‍රමුඛ කරුණක් ලෙස සැළකේ.
- ඉහත නිර්ණායක හෝ එයට සමගාමීව පිළිගත හැකි සුවිශේෂි කරුණු සහිත ඉල්ලීමක් වීම.
- නිවසේ වහලය සෙවිලි කිරීම සඳහා හඳුනාගත් කොටස, ලබා දෙනු ලබන සෙවිලි ආධාර උපයෝගි කර ගෙන සිය පෞද්ගලික දායකත්වයෙන් සෙවිලිකර නිම කිරීමට හැකියාවක් පැවතීම.
- ඉඩමේ අයිතිය අයදුම්කරු සතු බවට හෝ ඉඩමේ අයිතිය සතු ආයතනයේ එකගතායට සහිත පිළිගත හැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතු වීම.
අවශ්‍ය වන ලේඛන
- ඉඩමේ අයිතිය සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ අයිතිය තවදුරටත් දෙමව්පියන්/මුල් අයිතිකරු වෙත පවතීනම් ඔබගේ නිවස අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක් සමඟ අදාල අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රාම නිලධාරීගේ අත්සන සහිතව
- ඉඩම ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු හෝ බලපත්‍රලාභී ඉඩම් නම් අදාල බලපත්‍රයේ සහතික කල පිටපතක්
- මෙම දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිලධාරී හා සාකච්ඡා කර එකඟ වූ පරිදි නිවසේ සෙවිලි කිරීමට වෙන් කර ගත් කොටසේ වහලය සකස් කිරීම සඳහා වඩු කාර්මිකයෙකු විසින් සකස් කර අත්සන් කරන ලද දළ ද්‍රව්‍ය ඇස්තමේන්තුවක්
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- බැංකු ගිණුම් පොතේ නම,ලිපිනය,ගිණුම් අංකය ඇතුලත් කොටසේ ඡායා පිටපතක්
- නිවසට ළඟාවිය හැකි දළ ප්‍රවේශ මාර්ග සටහන
ගෙවල් කුලී පනත
2002 අංක 26 හා 1980 අංක 55 දරන පනත් වලින් සංශෝධිත 1972 අංක 07 දරන ගෙවල් කුලී පනතේ 18 අ වගන්තිය යටතේ වසර 40 කට (1980 01.01 දිට පෙර ඉදිකරනු ලැබු නිවාස හා ව්‍යාපාරික ස්ථාන) වඩා පැරණි ගොඩනැගිලි කඩා ඉවත්කර දමා එම ස්ථානය හා ඉඩම වඩාත් කාර්යක්ෂම ලෙස උපයෝගී කරගැනීමට ප්‍රතිසංවර්ධනය කිරිමට අවසර ලබා ගැනීම සදහා පළාත් නිවාස කොමසාරිස් ඉදිරියේ පරීක්ෂණ සිදු කරයි.
ඒ අනුව 1980 අංක 12 දරන පළාත් සභා අනුෂාංගික විධිවිධාන පනත අනුව පළාත් නිවාස කොමසාරිස්ට හිමි බලතල ප්‍රකාරව එකී ස්ථානය සම්බන්ධයෙන් වු පරීක්ෂණය වරින් වර සංශෝධනය වු 1972 අංක 07 දරන ගෙවල් කුලී පනතේ 18 අ වගන්තිය අනුව නඩු පරීක්ෂණ විභාග කරනු ඇත.
1972 අංක 07 දරණ ගෙවල් කුලී පනත අනුව පළාත් නිවාස කොමසාරිස් සතු බලතල
- 2 වගන්තිය (4 ඈ, ඉ උපවගන්ති)
- පනත ක්‍රියාත්මක වීම සහ අමූලවීම සම්බන්ධව
- 9 වගන්තිය (3 , 4 උපවගන්ති)
- අධික අත්තිකාරම් මුදල් , මුදල් හෝ වෙනත් අතිරේක ගෙවීම් සම්බන්ධව.
- 12 වගන්තිය (1 , 2 උපවගන්ති)
- නිවාස ස්ථාන වෙනත් කාර්යයක් සඳහා භාවිතා කිරීම
- 18 වගන්තිය (18 අ උපවගන්තිය)
- ගොඩනැගිලි කඩා බිද දැමීම (268 වන අධිකාරිය)
- 19 වගන්තිය
- නිවාස ඒකකවල තනි ඒකක ගණන අඩු නොකළ යුතු බව සම්බන්ධව
- 20 වගන්තිය (අ 1, 2, 4, 5 උප වගන්ති)
- ඉඩ ඉතිරිව ඇති ඉඩම්වල අතිරේක නිවාස ඒකක ඉදිකිරීම
- 22 වගන්තිය (1 අ හා 2 උපවගන්ති)
- නෙරපීම සඳහා නීති කෘතH සම්බන්ධව
- 44 වගන්තිය(11අ (1) උප වගන්තිය)
- ජාතික නිවාස කොමසාරිස්ගේ බලතලපවරා දීම සම්බන්ධව
මධ්‍යම පළාත් ගෙවල් කුලී මණ්ඩල ක්‍රියාත්මක වීම
1980 අංක 12 දරන පළාත් සභා (අනුෂාංගික විධිවිධාන) පනත සමග කියවෙන 2002 අංක 26 හා 1980 අංක 55 දරන පනත් වලින් සංශෝධිත 1972 අංක 07 දරන ගෙවල් කුලී පනතේ විධිවිධාන අනුව මධ්‍යම පළාත තුල ක්‍රියාත්මක වේ
ඒ අනුව 2011.01.11 දිනැති 1688/5 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව මධ්‍යම පළාත තුළ දිස්ත්‍රික්ක තුන සදහා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ අනුව බලපැවැත්වෙන පරිදි ගෙවල් කුලී මණ්ඩල තුනක් ස්ථාපිත කර ඇත. එනම්,
ගෙවල් කුලී මණ්ඩලය | ලිපිනය |
මහනුවර | පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය, පළාත් සභා සංකිරණය,ආයුර්වේද පාර,පල්ලේකැලේ. |
මාතලේ | මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. |
නුවරඑළිය | I.R.D.P.ගොඩනැගිල්ල, උඩුපුස්සැල්ලාව පාර, නුවරඑළිය. |
සංයුතිය
මෙම මණ්ඩල සදහා පළාත් සභා නිවාස ඇමතිතුමා විසින් සභාපති ඇතුළු සාමාජිකයන් හතරදෙනෙකු පත්කරන අතර, පස්වන සාමාජිකයා ලෙස ප්‍රධාන තක්සේරුකරු හෝ ඔහුගේ නියෝජිතයකු නිලබලයෙන් පත්වේ. ( මෙම සාමාජිකයන්ගෙන් යටත් පිරිසෙන් දෙදෙනකු ගෙවල් හිමියන් විය යුතුය, එක් සාමාජිකයකු කුලී නිවැසියෙක් විය යුතුය ) ඊට අමතරව පරිපාලන කටයුතු සදහා ලේකම්වරයකු ද, උක්ත පනතේ 44 වගන්තිය අනුව පත් කළ බලයලත් නිලධාරි වරයකුද හිදී.
අනු අංකය | ගෙවල් කුලී මණ්ඩලය | සභාපති | සාමාජික |
01 | මහනුවර | 01 | 03 |
02 | මාතලේ | 01 | 03 |
03 | නුවරඑළිය | 01 | 03 |
මුළු එකතුව | 03 | 09 | |
ගෙවල් කුලී මණ්ඩලයේ බලතල හා කාර්යයන්
- පනත යටතේ නිර්දේශ කර ඇති කුලී තීරණය කිරීම
- මණ්ඩලයට ඉදිරිපත් කරන ආරවුල් විභාග කර තීරණ ලබා දීම.
- ගෙහිමියන් වෙත නිවාස අළුත්වැඩියා කරන ලෙස නියෝග පැනවීම
- කුලී නිවැසියාගේ මරණයෙන් පසු අනුප්‍රාප්තිත කුලී නිවැසියා තෝරා ගැනීම
- ගෙහිමියාගේ මරණයෙන් පසු අනුප්‍රාප්තික ගෙහිමියා තෝරා ගැනීම.
- කුලියට දී ඇති නිවාස හොඳ තත්වයකින් නඩත්තු කරගෙන යන්නේ දැයි සොයා බැලීම.
- ගෙහිමියා වෙනුවට බලයලත් තැනැත්තාට කුලිය ගෙවන ලෙස නියෝග කිරිම.
- කුලී නිවැසියාට සපයා ඇති සැපවිහරණ ක්‍රම අත්හිටුවීමට එරෙහිව තිරණ ගැනීම.
- කුලී නිවැසියන්ට බලහත්කාරකම් කිරිම හා ස්ථානවලට අලාභ හානි කිරිම වැලැක්වීම.
- කුලී නිවැසියන් නෙරපීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම.
- පනතේ 37 වගන්තිය ප්‍රකාර වාස බදු සහතික නිකුත් කිරිම හා ලේඛන නඩත්තු කිරිම.
1972 අංක 07 දරණ ගෙවල් කුලී පනත අනුව නඩුවක් ගොනු කිරීමේදී ,ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- අයදුම්පත්‍රය
- ඉඩමේ ඔප්පුව
- පිඹුර
- සංවර්ධන සැලැස්ම
- සංවර්ධන බලපත්‍රය
- බලයලත් නිලධාරීගේ නිරීක්‍ෂණ වාර්තාව (කාර්යාලයෙන්)