Department of Housing – Central Province

කැපකරු නිවාස ඉදිකිරීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන තුළ 2,558,716ක ජනගහනයක් ජීවත් වන අතර දෙවන ජනගහනය ජීවත් වන පළාත ද වේ.  නිවාස දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කින් තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයේ ප්‍රතිපාදන මගින් නිවාස ආධාර ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක කළද මධ්‍යම පළාත තුළ නිවාස සංවර්ධනය තවමත් සැලකිය යුතු මට්ටමකින් සිදුවී ඇති බවක් නොපෙනේ.

අඩු ආදායම්ලාභී පවුල්වල පවතින ගැටළු වල පරතරය අවම කිරීම සඳහා මූල්‍ය ශක්‍යතාවය ඇති සමාජ සේවය සඳහා  උනන්දුවක් දක්වන ප්‍රදායකයින් හඳුනාගෙන ඔවුන්ගේ මූල්‍යමය/ ද්‍රව්‍යමය/ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවසක් ඉදි කරගැනීමට අවශ්‍ය සහාය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

නිර්නායක

  • අඩු ආදායම්ලාභී පවුල් ඒකකයක් වීම
  • ස්ථීර නිවසක හමිකමක් නොමැති පවුලක්වීම.
  • පවුලේ විශේෂ අවශ්‍යතා සහිත /ආබාධිත සාමාජිකයකු සිටින පවුලක්වීම.
  • වසමේ ස්ථීර පදිංචි පවුල් ඒකකයක් වීම.
  • ගෘහ මූලිකයා කාන්තාවක් වීම හෝ පාසල් යන වයසේ පසුවන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම හෝ ගැහැණු දරුවන් සිටින පවුලක් වීම
  • ඉඩමේ අයිතිය අයදුම්කරු සතු බවට පිළිගත හැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතු වීම
  • අස්වැසුම/ සමෘද්ධිය/ වැඩිහිටි දීමනා යනාදී මහජනාධාර ලාභියෙකු වීම

2026 වර්ෂය සඳහා උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හිද්දවුල්ල බටහිර වසමින් කැපකරු නිවස ඉදිකිරීම සදහා  ජා.හැ.අංක 947542974V යටතේ කේ.ඩබ්.ජී.එස්.කුමාරි ධර්මරත්න  නම් වන, අංක 1/3/3,බී,හිද්දවුල්ල,හන්දෙස්ස යන ලිපිනයේ පදිංචිකාරිය තෝරාගෙන ඇත. වයස අවුරුදු 32ක් වන සුනේත්‍රා මහත්මිය විවාහක දරුවන් දෙදෙනෙකුගේ මවකි.සැමියා පවුල අතහැර ගොස් ඇත. ඇයගේ වැඩිමල් දියණිය 7 ශ්‍රේණියේත්,බාල පිරිමි දරුවා 4 ශ්‍රේණියේත් ඉගෙනුම ලබයි.මෙම පවුලට අස්වැසුම ආධාර රු.17500.00 ක මුදලක් මාසිකව හිමි වේ.පර්චස් 07ක ඉඩමක් ඇති අතර එම ඉඩමේ මුල් අයිතිය ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් මණ්ඩලයට අයත් වේ. කටුමැටි වලින් සකස් කරගත් උලු සහ ටකරන් සෙවිලි කරගත් කුඩා නිවසකි.එහි සාලයක් සහ මුළුතැන්ගෙයක් පවතී.එම නිවසද ජීවත්වීමට සුදුසු තත්වයක නොමැත.සුනේත්‍රා මහත්මියගේ දෙමාපියන්ද සිය නිවසට පිටුපසින් කටුමැටියෙන් සාදාගත් නිවසක ජීවත් වෙයි.මෙම පවුල සදහා ජීවත් වීමට සුදුසු මූලික අවශ්‍යතා සපුරාගැනීමට සුදුසු තත්වයේ නිවසක් ඉදිකර දීමේ කැපකරු නිවාස ව්‍යාපෘතිය සදහා ඔබ දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන්නේ නම් අප හා අත්වැල් බැදගන්නා ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමු.

ඔබත් කැපකරු නිවාස වැඩසටහන්වලට දායකත්වය සැපයීමට කැමත්තක් දක්වන්නේ නම් ඔබගේ තොරතුරු පහතින් සපයන්න

දායකවන ආකාරය