Department of Housing – Central Province

පළාත් නිවාස දෙපාර්තමේන්තුව

මධ්‍යම පළාත් සභාව

බලශක්ති සං‍රක්ෂණය හා විකල්ප බලශක්ති සහ නිවාස ඉදිකිරීම් ආශ්‍රිත නව නිපැයුම් තරගය -2026

ලියාපදිංචි වීමට ඇති අවසන් දිනය -2026-04-30

අප ගැන

1989 වර්ෂයේ සිට මධ්‍යම පළාත් ප්‍රවාහන, මහාමාර්ග, සංස්කෘතික, නිවාස හා ඉදිකිරීම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනු ඛණ්ඩයක් ලෙස ස්ථාපිත කර තිබුණු මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේ සිට වැඩ බලන නිවාස කොමසාරිස්වරයෙකු යටතේ ක්‍රියාත්මක වී ඇති අතර, 1999 දී වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කර ඇත. මෙම දෙපාර්තමේන්තුව 1993 අංක 05 දරණ මධ්‍යම පළාතේ නිවාස සංවර්ධන ප්‍රඥප්තිය (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය -1994.07.01 IV (අ) කොටස) අනුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ අංක 5 යටතේ දක්වා ඇති පළාත්වල නිවාස සහ ඉදිකිරීම් විෂයය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වේ. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් හා ඒ යටතේ ක්‍රියාත්මක වන මහනුවර, මාතලේ හා නුවරඑළිය ගෙවල් කුලී මණ්ඩල මගින් 2002 අංක 26 හා 1980 අංක 55 දරණ පනත්වලින් සංශෝධිත 1972 අංක 07 දරණ ගෙවල් කුලී පනත ක්‍රියාත්මක කරනු ලබයි.

දැක්ම

නිවසක හිමිකාරීත්වය හා රැකවරණය තහවුරු කරවමින් පවුල් සවිබල ගැන්වීම තුළින්, මධ්‍යම පළාතේ අභිමානවත් සමාජයක් බිහි කිරීම.

මෙහෙවර

කිසිවෙකුත් මග නොහරිමින් සැමටම තිරසාර සහ දැරිය හැකි මට්ටමේ නිවාස විසඳුම් ලබා දීමට අපි උත්සාහ කරමු. එමඟින් ඉලක්කගත අපේක්‍ෂාව වන්නේ ප්‍රජාව තුළ සමානාත්මතාවය සහ සම අවස්ථා පිළිබඳ හැඟීමක් පෝෂණය කරමින් සෑම කෙනෙකුටම තමන්ගේම යැයි පැවසීමට වාසස්ථානයක් ඇති සමාජයක් නිර්මාණය කිරීමයි. අපගේ කැපවීමෙන් යුත් ප්‍රයත්නයන් තුළින් පුද්ගලයන්, පවුල් සහ ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සවිබල ගන්වමු. ඊළඟ පරම්පරාව සඳහා අභිමානයෙන් සහ සියල්ල සපිරි හිමිකාරීත්වයක් නිර්මාණය කරන්නෙමු.

ආයතනයේ ප්‍රධාන කාර්යභාරයන්

  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත නිවසක අයිතිය ලබා දීම
  • අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආදායම් උත්පාදන මාර්ග ඇති කිරීම
  • කාර්යක්ෂම හා සඵලදායි ආයතනික පද්ධතියක් ස්ථාපිත කිරීම
  • නිවැසියන්ගේ නිවාස අයිතිවාසිකම  සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම

අප හා සම්බන්ධ වන්න

  • දුරකථනය

    081-2222 457

  • ෆැක්ස්

    081-2222 457

  • විද්‍යුත් තැපෑල

    housingdept.cp@gmail.com

  • ලිපිනය

    අංක 109, යටිනුවර වීදිය, මහනුවර

  • කාර්යාලීය වෙලාවන්

    සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 8.30 සිට ප.ව. 4.15 දක්වා