Department of Housing – Central Province

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

2016 ජූනි 24 වැනි දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ, 2017 පෙබරවාරි 03 වැනි දින සිට අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරීන් සඳහා බලගන්වන ලද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මහජනතාවට තොරතුරු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීම මගින් පොදු අධිකාරීවල විනිවිදභාවය වර්ධනය කිරීමටත් යහපාලනය සඳහා මහජනතාවට වැඩි වශයෙන් සහභාගී වීමටත් අවස්ථාව සලසයි.

  • 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත   සිංහල  |  தமிழ்  |  English

තොරතුරු ඉල්ලීම

RTI 01 ආකෘතියට අනුව සකස් කරන ලද තොරතුරු අයදුම්පත්‍රයක් හෝ එහි අඩංගු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් කරන ලද ලිපියක් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව වෙත ගෙනවිත් බාරදීමෙන් හෝ housingdept.cp@gmail.com විද්‍යුත් ලිපිනය වෙත යොමුකිරීමෙන් ඔබට තොරතුරු ඉල්ලීමක් සිදුකල හැක. 

නම්කල නිලධාරී

ඩී. ඩබ්. ජී. කේ. වඩුගොඩ
පළාත් නිවාස කොමසාරිස්,

මධ්‍යම පළාත

දුරකථනය:  081-2204404

ෆැක්ස්: 081-2222457

විද්‍යුත් ලිපිනය: housingdept.cp@gmail.com

මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන්

නම

තනතුර

දුරකථනය

විද්‍යුත් ලිපිනය

බී.එම්. සීතා මිය

සහකාර අධ්‍යක්‍ෂ (සැලසුම්)

081-3839425

housingdept.cp@gmail.com

 තොරතුරු සැපයීම සඳහා අයකරන ගාස්තු

 

අනු අංකය

තොරතුරු සැපයීමේ ක්‍රමය

ගාස්තුව

01

ඉල්ලුම්පත්‍රයක් සඳහා

නොමිලේ

02

A4 ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට)

රුපියල් 2

03

ලීගල් හා A3 ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට)

රුපියල් 4

04

A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ ඡායා පිටපතක් (පිටුවකට)

සැබෑ වියදම

05

A4 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක් (පිටුවකට)

රුපියල් 4

06

ලීගල් හා A3 ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක්

රුපියල් 4

07

A3 ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයේ පරිගණක මුද්‍රණයක්

සැබෑ වියදම

08

ඉල්ලුම්කරුවකු විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීමට එක් අයිතමයක් සඳහා

රුපියල් 20

09

ආයතනය විසින් සපයන ඉලෙක්ට්‍රොනික උපාංගයකට තොරතුරු සැපයීම

සැබෑ වියදම

10

නිදර්ශන සාම්පල් සැපයීම

සැබෑ වියදම

11

ලියවිල්ලක් හෝ විෂයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම්

පැයකට රුපියල් 50, මුල් පැය නොමිලේ

12

විද්‍යුත් තැපෑල මගින් තොරතුරු සැපයීම

නොමිලේ

වැදගත් සබැඳි