කැපකරු නිවාස ඉදිකිරීම්
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන තුළ 2,558,716ක ජනගහනයක් ජීවත් වන අතර දෙවන ජනගහනය ජීවත් වන පළාත ද වේ. නිවාස දෙපාර්තමේන්තුව මඟින් මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කින් තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයේ ප්‍රතිපාදන මගින් නිවාස ආධාර ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක කළද මධ්‍යම පළාත තුළ නිවාස සංවර්ධනය තවමත් සැලකිය යුතු මට්ටමකින් සිදුවී ඇති බවක් නොපෙනේ.
අඩු ආදායම්ලාභී පවුල්වල පවතින ගැටළු වල පරතරය අවම කිරීම සඳහා මූල්‍ය ශක්‍යතාවය ඇති සමාජ සේවය සඳහා උනන්දුවක් දක්වන ප්‍රදායකයින් හඳුනාගෙන ඔවුන්ගේ මූල්‍යමය/ ද්‍රව්‍යමය/ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවසක් ඉදි කරගැනීමට අවශ්‍ය සහාය ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
නිර්නායක
- අඩු ආදායම්ලාභී පවුල් ඒකකයක් වීම
- ස්ථීර නිවසක හමිකමක් නොමැති පවුලක්වීම.
- පවුලේ විශේෂ අවශ්‍යතා සහිත /ආබාධිත සාමාජිකයකු සිටින පවුලක්වීම.
- වසමේ ස්ථීර පදිංචි පවුල් ඒකකයක් වීම.
- ගෘහ මූලිකයා කාන්තාවක් වීම හෝ පාසල් යන වයසේ පසුවන දරුවන් සිටින වැන්දඹු කාන්තාවක් වීම හෝ ගැහැණු දරුවන් සිටින පවුලක් වීම
- ඉඩමේ අයිතිය අයදුම්කරු සතු බවට පිළිගත හැකි තහවුරුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව අයදුම්කරු සතු වීම
- අස්වැසුම/ සමෘද්ධිය/ වැඩිහිටි දීමනා යනාදී මහජනාධාර ලාභියෙකු වීම











