අප ගැන
1989 වර්ෂයේ සිට මධ්‍යම පළාත් ප්‍රවාහන, මහාමාර්ග, සංස්කෘතික, නිවාස හා ඉදිකිරීම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනු ඛණ්ඩයක් ලෙස ස්ථාපිත කර තිබුණු මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේ සිට වැඩ බලන නිවාස කොමසාරිස්වරයෙකු යටතේ ක්‍රියාත්මක වී ඇති අතර, 1999 දී වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කර ඇත. මෙම දෙපාර්තමේන්තුව 1993 අංක 05 දරණ මධ්‍යම පළාතේ නිවාස සංවර්ධන ප්‍රඥප්තිය (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය -1994.07.01 IV (අ) කොටස) අනුව හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ අංක 5 යටතේ දක්වා ඇති පළාත්වල නිවාස සහ ඉදිකිරීම් විෂයය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රියාත්මක වේ. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව මගින් හා ඒ යටතේ ක්‍රියාත්මක වන මහනුවර, මාතලේ හා නුවරඑළිය ගෙවල් කුලී මණ්ඩල මගින් 2002 අංක 26 හා 1980 අංක 55 දරණ පනත්වලින් සංශෝධිත 1972 අංක 07 දරණ ගෙවල් කුලී පනත ක්‍රියාත්මක කරනු ලබයි.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව ආයතනයේ නෛතික පසුබිම
පළාත් සභා ලැයිස්තුවේ සඳහන් පරිදි,
5.පළාත්වල නිවාස සහ ඉදි කිරීම්
5:1 ආධාර දෙනු ලබන අත්කම නිවාස ව්‍යාපෘති, නිවාස ණය හා ගොඩනැගිලි උපකරණ සැපයීම ඇතුළුව (ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති නොවන) පළාත් බද නිවාස සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය, අධික්ෂණය සහ පසු විපරම් කිරීම.
5:2 කුලි නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත සහ ගෙවල් කුලි පනත, පළාතක් ඇතුළත ක්‍රියාත්මක කිරීම.
5:3 මේ ලැයිස්තුවේ දක්වා ඇති විෂයයන් හා සම්බන්ධ ඉදිකිරීම් කටයුතු.
ආයතනය වෙත දැනට බලපවත්වන පනත් /ප්‍රඥප්ති
1993 අංක 05 දරන මධ්‍යම පළාතේ නිවාස සංවර්ධන ප්‍රඥප්තිය
1972 අංක 07 දරන ගෙවල් කුලී පනත
1980 අංක 55 දරන ගෙවල් කුලී සංශෝධන පනත
2002 අංක 26 දරන ගෙවල් කුලී සංශෝධන පනත
ඩී.ඩබ්.ජී.කේ.වඩුගොඩ මිය
කොමසාරිස්
081 - 2204404
බී.එම්.සීතා මිය
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
081-3839425
එම්.යූ.එම්.ජයතිලක මයා
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)
052-2224634
ජී.ආර්.එම්.බී.එල්.රණවීර මිය
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
081-2222457
ඒ.එම්.පී.චන්ද්‍රාමැණිකේ මිය
මුදල් සහකාර
081-2222457