Services

අරමුණු

  1. පළාතේ නිවාස ගැටළු සහිත අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඔවුන්ගේ නිවාස සංවර්ධනයට අවශ්‍ය මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබා දෙමින් පහසුකම් සහිත නිවසක හිමිකාරීත්වය සඳහා අවශ්‍ය දරිගැන්වීම් සිදු කිරීම.
  2. පළාතේ නිවාස ගැටළු සහිත අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඔවුන්ගේ නිවාස සංවර්ධනයට අවශ්‍ය ආර්ථිකමය වශයෙන් දිරි ගැන්වීම උදෙසා සහන ණය වැඩසටහනක් දියත් කිරීම.
  3. අඩු ආදායම්ලභී පවුල්වල ආර්ථිකයට සරිලන ආකාරයෙන් නිවාස ඉදි කර ගැනීමේ අවස්ථා  පුළුල් කරලීම උදෙසා අඩු වියදම් නිවාස ඉදිකිිරීම් තාක්ෂණය හඳුන්වා දෙමින් ග‍්‍රාමීය නිවාස ඉදි කිරීමේ ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම.
  4. පළාතේ නිවාස සංවර්ධනය ස`දහා ප‍්‍රජා සහභාගීත්වය පුළුල් කිරීම උදෙසා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් නිවාස සංවර්ධන සමිති පවත්වා ගෙන යාම සහ බල ගැන්වීම.
  5. 1972 අංක 07 දරණ ගෙවල් කුළී පනතෙන් පැවරී ඇති කුළී නිවැසියන්ගේ හා කුළී නිවාස හිමිකරුවන්ගේ ගැටළු සඳහා නීතිමය සහයෝගය ලබා දීම.
  6. ආයතනයේ භෞතික හා මානව සම්පත් ප‍්‍රශස්ථ ලෙස භාවිත කිරීම උදෙසා ආයතනික ධාරිතා සංවර්ධනය පුළුල් කිරීම.

කාර්යයන්

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කර ඇති පළාත් සභා ක‍්‍රමය තුළ පළාත් වාසීන්ගේ නිවාස සංවර්ධනයට අදාළ කටයුතු සිදු කිරීම.

  • නිවාස ඉදි කිරීමට ද්‍රව්‍යමය ආධාර ලබා දීම.
  • නිවාස ඉදි කිරීමට මූල්‍ය පහසුකම් ලබා දීම.
  • අඩු විියදම් නිවාස ඉදි කිරීමේ තාක්ෂණය සම්බන්ධව දැනුවත් කිරීම.
  • පළාත් නිවාස කැපකරු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම.
  • ප‍්‍රජාමූල නිවාස සංවර්ධන සමිති නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • සහන නිවාස ණය වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම.
  • භෞතික හා මානව සම්පත්  වැඩි දියුණු කිරීම. 

1972 අංක 07 දරණ ගෙවල් කුළී පනතින් පැවරී ඇති නීතිමය කාර්යයන් ඉටු කිරීම.

  • ගෙවල් කුළී මණ්ඩලයේ නීතිමය කටයුතු කි‍්‍රයාත්මක කිරීම.
  • ගෙවල් කුළී පනතේ 18 (ආ*) වගන්තිය අනුව නීතිමය කටයුතු කි‍්‍රයාත්මක කිරීම